p up

එන්න අප හා එක්වන්න

Please wait..10 Seconds Close

Saturday, August 24, 2013

Payza ගිණුමක් හදමු

Payza ගිණුමක් හදමු

මෙම බැංකු ගිණුම වැදගත් වන්නේ අන්තර්ජාලය හරහා උපයන මුදල් ලබා ගැනීමට හා ගෙවීම් සිදු කිරීමටය.මෙය වඩාත්ම වැදගත් වන්නේ වෙළෙඳ දැන්වීම් නරඹමින් (Ads Clicking) මුදල් උපයන ආයතන වලින් මුදල් ලබා ගැනීමටය.ලෝකයේ රටවල් 190 ක් සමඟ මෙම  බැංකු ගිණුම සම්බන්ධ වී පැවතීම නිසා ලංකාවට මුදල් ගෙන ඒමට සුදුසුම ක්‍රමය මෙයයි.මේකට දාන මුදල් අපිට කෙලින්ම අපේ ඩෙබිට් කාඩ් එකට දාගන්න හැකියි. එහෙම නැත්තම් චෙක් එකක් මගින් ගෙදෙට්ටම ගෙන්නාගන්නත් හැකියි . ඔය දෙකම එපා නම් කෙලින්ම තමන්ගේ බැංකු පොතට සල්ලි දාගන්නත් හැකියි හැබැයි පොතට දාගනිද්දී පොඩි ගානක් මෙයාලා අය කරගන්නවා .
අද මගේ මේ උත්සාහය අන්තර් ජාල බැංකු ගිනුමක් 100% හරි විදියට හදන හැටි ඔබලාට කියා දීමයි. හරි මම කියලා දෙන්නම් කොහොමද අපි Payza එකවුන්ට් එකක් නිවැරදිව හදාගන්නේ කියලා .

මුලින්ම www.payza.com වෙබ් අඩවියට පිවිසෙන්න.

නැතිනම් පහල තියන බැනර් එක උඩ ක්ලික් කරලා payza සයිට් එකට යන්න...




ඊට පස්සේ ලොකුවට බට්න් එකක් ඇති Sign Up කියලා ඒකෙන් සයින් අප් වෙන්න.

ඊලඟට කියාවි එකවුන්ට් වර්ග තුනක් දීලා එකක් තෝරගන්න කියලා එතනින් personal වර්ගයතෝරාගන්න. ඉන්පසු තමාගේ රට ( Sri Lanka) තෝරන්න.






දැන් ඉතින් තමන්ගේ පෞද්ගලික විස්තර , ඊමේල් ළිපිණ, පෝස්ටල් කෝඩ් ආදිය හෙම දීලා ඉදිරියට යන්නකෝ කාටහරි කෙනෙකුට තමන් ඉන්න පලාතේ පෝස්ටල් කෝඩ් එක හොයාගන්න අමාරු නම් මෙතනින් ගිහින් ඒකත් සොයාගන්න. 





හොඳයි දැන් ඔයා ඔය උඩ තියන ෆෝම් එකේ තමන්ගේ විස්තර සේරම දීලා ඉවර වෙලා යන්නේ දෙවනි පියවරට ඔය උඩින් ලොකුවට තියෙන්නෙ ස්ටෙප් වන් ටූ කියලා ...





හරි ස්ටෙප් වන් ෆිල් කලා නම් දැන් ඔයා ඉන්න ඕනෙ ස්ටෙප් ටූ වල. ඒකත් අමාරු නෑ . සාමාන්‍ය විදිහට පුරුවාගෙන යන්න .ඒත් පොඩි වැදගත් දෙයක් තියනවා . ඔය ඉහත රූපයේ පෙන්වනවා නේද Transaction Pin කියලා එකක් ඔන්න ඕකට අකුරු හතරක විතර නම්බර් එකක් දෙන්න . හැබැයි පුතෝ ඕක අමතක කරන්න නම් එපා ! . ගිනුමට සල්ලි දාන්න , සල්ලි ආපහු අතට ගන්න ඕක ඕනෙ වෙනවා . ඒක නිසා මතක තියන එකක් දාන්න .  ඊලඟට ඉතින් security Question එකක් තෝරන්න කියාවි . ඒකත් සම්පූරණ කරන්න.. 


 දැන් Payza ගිණුම සාදා අවසානයි.

මුලින්ම තමන්ගේ ඊමේල් එකට ලොග් වෙන්න.

ඊට පස්සේ Payza එකේ මහත්තුරු එවාපු ඊමේල් එකක් ඇති ඒක ඕපන් කරලා ඒක ඇතුලේ තියනවා පොඩි ලිංක් එකක් . ඒක ක්ලික් කරන්න. (ඊමේල් එක කියවන්නත් අමතක කරන්න එපා )






ඉන්පසු Login වෙත ගොස් Username & Password ලබා දී ගිණුමට ඇතුළු වන්න.


එවිට පහත රූපයේ ආකාරයට ගිණුම දක්නට ලැබේ.



හොඳයි දැන් අපි මේ හදාගත්තු ගිනුම වෙරිෆයි කරන්න තමයි තියෙන්නේ .

 දැන් ඔබගේ ගිනුම නම් හරි ඒත් ... තාම මේක වෙරිෆයි නෑ . ඒකීවේ ? 
ඒකීවේ .අපිට මේ ගිනුමේ තියන මුදල් අතට ගන්න බෑ . ඒකට ඉතින් අපේ බැංකු ගිනුමේ විස්තර ඇතුලත් කරන්න ඕනෙ.

Payza වලට සහාය එලටම දෙන්නේ HNB බැංකුව තමා . ඔයාට එතකොට මුලින්ම HNB ගිනුමක් ඕපන් කරන්න වෙනවා . ඒක ඒ හැටි දෙයක් නෙවෙයි . බොහොම ලේසියි . ගියා සල්ලි ටිකක් දාලා ඕපන් කලා පොතයි කාඩ් එකයි එවේලෙම දෙනවා . ඔයාලට තියෙන්නේ ගෙදර එන එක . 
මතක තියාගන්න ඔයා HNB බැංකුවට ගිය ගමන්ම HNB Visa Debit Card එකක් ඕනෙ කියලා ඉල්ලගන්න . ඊට අමතරව ඔයා කියන්න ඕනෙ ඔයාගේ ඔය  Visa Debit Card එක Online payment කල හැකි විදිහට හදලා දෙන්න කියලා .


ඔයාට දැනටමත් HNB Visa Debit Card කාඩ් එකක් තියනවානම් 011-2671955 අංකෙට කතා කරලා කාඩ් එක Online payment කල හැකි විදිහට හදා ගන්න .ඔන්ලයින් පේමන්ට් කල හැකි විදිහට කාඩ් එක සකස් වුණාට පස්සේ අපි යමු අවසාන පියවරට ..

අවසාන පියවර කරන්න කලින් කාඩ් සෙන්ටර් එකට කෝල් එකක් දීලා Online payment සකස් කරලාද කියලා සැක හැර දැනගන්නත් අමතක කරන්න එපා !
  


අවසාන පියවර



ඉහත රූපයේ තියන විදිහට මුලින්ම My Payza Account කියන මෙනුව දිග ඇරගෙන ඉන් පස්සේ My credit card කියන එක ක්ලික් කරන්න ඊට පස්සේ ඔබෙන් අහාවි ඔබේ කාඩ් එකේ විස්තර , 
පහත රූපයේ ඒ කියන තැන් වලට ඔබේ කාඩ් එකේ විස්තර දෙන්නකෝ.


  
කාඩ් නම්බර් එකයි Expiration date එකයි දීලා ඉවර වුණාම  CSV/CVV කියලා එකකුත් අහනවානේ . එතකොට කාඩ් එක අනික් පැත්ත හරවන්න කාඩ් එකේ අත්සන ගහන තැන අංක තුනකින් සදුම්ලත් CSV/CVV එක තියනවා ඔයාට පෙනේවි


හොඳයි දැන් මේ විස්තර සේරම ඇතුලත් කරලා ඉවර වුණාට පස්සේ ඔබට ලැබේවි ඔබේ කාඩ් එක වැලිඩේට් කිරීමට අවස්ථාවක් . බය නැතිව ඒක කරන්න ..

අන්තිමේදී ඔබට පනිවුඩයක් ඒවි . ඒතමයි . ඔබේ කාඩ් එකෙන් Payza ගිනුමට ඩොලර් 1ත් 2ත් අතර අගයක් අවශ්‍ය කර තියන වගට . දැන් ඔබට තියෙන්නේ වහාම 011-2671955 අංකෙට කතා කරලා ෆෝන් එක උස්සන කෙනාට මෙන්න මෙහෙම කියන්නයි

"මහත්තයා මගේ කාඩ් එක Payza කියන ඔන්ලයින් බෑංකිං ගිනුමට මම ලිංක් කලා ඉතින් ඒගොල්ල මගේ කාඩ් එකට පොඩි ඩොලර් එමවුන්ට් එකක් එවලා ඇති කරුණා කරලා මට ඒක කියන්ඩ ප්ලීස් "

ඔහොම කීවම ඒගොල්ල එදාම හරි අනික් පහුවදා හරි ඔයාගේ ඒ ගාන කියයි . දවසක් දෙකක් පමා වුණා කියලා බය වෙන්න එපා . මුකුත් වෙන්නේ නෑ .






දැන් ගිණුම Validate කර අවසානයි.



මෙන්න මෙහෙමයි අපි ඔන්ලයින් බෑංකු ගිනුමක් හරියට හදාගන්නේ.

0 comments:

Post a Comment