p up

එන්න අප හා එක්වන්න

Please wait..10 Seconds Close

Saturday, August 24, 2013

Odesk මගින් මුදල් සොයන්නේ මෙහෙමයි

Odesk මගින් මුදල් සොයන්නේ මෙහෙමයි

odesk අමතර විශේෂ හැකියාවක් අනවශ්‍ය පහසු ‍රැකියා

01. මේකේ කරන්න තියෙන ලේසිම ජොබ් එක capcha ටයිප් කරන එක.

වැඩේ කරන්නේ මෙහෙමයි. අපිව හයර් එකට ගන්න පුද්ගලයා දෙනවා User Name එකක් හා මෘදුකාංගයක්. ඒකේ නම ttt2 ocrworker. අපි වෙබ් අඩවියක හෝ ලේසියෙන්ම කීවොත් බක්ස් අඩවියක රෙජිස්ටෙර් වීමෙදී අපට ටයිප් කිරීමට ලබාදෙන capcha එක මතක ඇති. ඒ වගේ අකුරු ඇද, ඒ වගේම වචන දෙකකින් සමන්විත වාක්‍යක් අපිට මේ මෘදුකාංගයෙන් ලබාදෙනවා. ඒක ටයිප් කරන්න ඉඩක් පහලින් තියෙනවා. අපිට තියෙන්නේ ඒ ඉඩ තියෙන තැන ඒ වචනේ ටයිප් කරන්න. ටයිප් කරලා Enter ඔබනවා. එතකොට තව වාක්‍යක් ලැබෙනවා. මෙහෙම මෙහෙම දිගටම වාක්‍ය ටයිප් කරන්න ඕනේ.
මුදල් ගෙවන්නේ මෙහෙමයි.
10k කට $60; 1k= නිවරදි ඇතුලත් කිරීම් 1000
මේ ‍රැකියාව ඕනෙනම් Capcha typing, Image to text, jpg to text, Pdf to Word කියලා search කරන්න.



02. Copywriting කියන්නේ හොද ඉංග්‍රීසි දැනුමක් තියෙන කෙනෙකුට කරන්න පුලුවන් ‍රැකියාවක්.
මේ ‍රැකියාවේ කරන්න තියෙන්නේ මෙහෙම දෙයක්. අපිට ඔවුන් ප්‍රසිද්ධ වෙබ් අඩවියක නමක් ලබාදෙනවා. ඒ කියන්නේ සී-නෙට්, සොෆ්ට්-පීඩියා, ටූ-කව් වගේ වෙබ් අඩවියක්. අපිට කරන්න තියෙන්නේ ඒ අඩවියේ පවතින ලිපි තමන්ගේ වචන වලින් නැවත ලියන්න. ඇත්තම කීවොත් මේ කියන්නේ අහුවෙන්නේ නැතිවෙන්න ලිපිය කොපි කරලා දෙන්න කියලා. හොදට ගෙවනවා. ස්ථීර මිලක් නම් සදහන් කරන්න බෑ. ඒත් වචන 100කට $1 ක් විතර ගෙවනවා. හැබැයි හොද, සුපිරි ඉංග්‍රීසි දැනුමක් තියෙන්න ඕනේ. ඔරිජිනල් ලිපියේ තියෙන කිසිම වාක්‍යක් නව ලිපියේ තියෙන්න බෑ. එහෙම තිබ්බොත් අහුවෙනවාමයි. හොර කරන්නනම් බෑ. හොර කරලා කාපු චාටර් මං වෙන ලිපියකින් කියන්නම්.
03. Article Writing මෙකටත් නම් හොද ඉංග්‍රීසි දැනුමක් ඕනේ.
රැකියා ලාබාදෙන්නා දෙනවා මාතෘකාවක්. උදා: dental, bodybuilding, health, exercise මේ වගේ බොහෝවිට විද්‍යාවට නැබුරු මාතෘකාවක් තමා ලබාදෙන්නේ. ඉතින් අපි කරුනු හොයාගෙන, විකිපීඩියා වගේ විශ්වකෝශ උදව් කරගෙන ලිපි ලියන්න ඕනේ. හැබැයි කොපි-පේස්ට් කරලානම් හරියන්නේ නෑ. මෙහෙම කියන්නේ කොපි-පේස්ට් කරලා නෝන්ඩි වෙලා තියෙන නිසා. අලුතෙන්ම ලියන්න ඕනේ. සාමාන්‍යයයෙන් Copywriting වගේම මේකටත් ගෙවනවා. හැබැයි මෙහෙම වැඩක් කරන්න පුලුවන්. ඉන්ට්නෙට් එකෙන් සර්ච් කරන්නේ නැතිව, පුස්තකාලෙන්, හෝ වෙනත් මුද්‍රිත ලිපියකින් උපුටාගන්න පුලුවන්. මම මුලින් කීවේ කපටිකමත් ටිකක් ඕනේ කියලා. හැබැයි ටයිප් කරන්න කලින් ඒ විස්තර ඉන්ටනෙට් එකේ තියෙනවද හොයලා බලලා ටයිප් කරන්න. ඉන්ට්නෙට් එකේ නැත්නම් ඉතින් මල්ල කරේ. සාමාන්‍යයෙන් වචන 400 බැගින් වූ ලිපි 100ක් විතර එකවර ලියන්න ලබාදෙනවා. එතකොට ගෙවීම් මුලු එකතුව $100ක් විතර ගෙවනවා. ගොඩ නේද?

04. Customer Service & Support, Phone Support මේකට මයික් එකක්, වෙබ් කැම් එකක් සහ ඉංග්‍රීසි දැනුම ඕනෙ වෙනවා.
පලමුව ‍රැකියාව ලබාදෙන්නාගේ වෙබ් අඩවිය හොදට පීරලා, හොද අවබෝධයක් ඇරගෙන, ඔවුන්ගේ නීති රෙගුලාසි කියවලා වැඩේට බහින්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ හේඩ් ෆෝන් එක ගහගෙන, වෙබ් කැම් එක ඔන් කරගෙන බලාගෙන ඉන්න. සුද්දෝ කථාකරලා ඔවුන්ට එම අඩවිය ගැන තිබෙන ගැටලු යොමුකරාම, ඔබ ඒවා විසදලා දෙන්න ඕනෙ. මෙම ‍රැකියාව ලබාදීමට පෙර කොන්ත්‍රාත්තුව ලබාදෙන්නාගේ පාර්ශවයෙන් තිබෙන ඉන්ටෙවීව් එක ඔබ විසින් සමත්විය යුතුයි. ගෙවන්නේ පැය ගානට. සාමාන්‍යයෙන් පැයකට $6 ක් විතර ගෙවනවා.
05. Email Response Handling මේකත් එක්තරා විදියක Customer Service & Support එකක්.
පලමුව ‍රැකියාව ලබාදෙන්නාගේ වෙබ් අඩවිය ගැන හොද අවබෝධයක් ඇරගෙන ඊ-මේල් මගින් නැගෙන ගැටලු වලට පිලිතුරු සැපයීමයි කරන්න ඕනේ. මේක ටිකක් පහසුයි. දිනකට දෙවරක් තුන්වරක් ඉන්බොක්ස් එක බලලා රිප්ලයි කලාම ඇති. ගෙවන මුදල හරියටමනම් කියන්න බෑ. හැබැයි හොද ගානක් හම්බකරන්න පුලුවන් කියලානම් විශ්වාසයි.
මමනම් කියන්නේ මොකක්හරි Programming Language එකක් ඉගෙනගන්න. එතකොටනම් ගොඩේ ගොඩ. ගොඩක් ‍රැකියා තිබෙනවා. අනිවාර්යෙන් එක ප්‍රොජෙක්ට් එකකට $100 පන්නලා ගෙවනවා. හරි හමන් වැඩකාරයෙක් නම් දිනකට $100ක් විතර හොයන්න පුලුවන්.
ඒ වගේම හැමෝම හොයන්නේ ලේසි පහසු ‍රැකියා. ඒ කියන්නේ විශේෂ දක්ශතාවයක් නැතිව කරන්න පුලුවන් ‍රැකියා. ඒ නිසා එක ජොබ් එකකට දමන ඉල්ලුම් ප්‍රමානය වැඩියි. ඒ නිසා අපිට එය ලැබෙනවාට වඩා නොලැබෙනා සම්භාවිතාව වැඩියි. ඒකට ඉතින් කරන්න තියෙන්නේ මං අර කලින් කියපු විදියට ජොබ් ඉල්ලුම් පත්‍රය සිත්ගන්නා සුලු විදියට දාන්න.

ඒ වගේ නෙවෙයි වගේ Java, Flash ඉගෙන ගත්තනම් ඉල්ලුම් කරපු ගමන් ලැබෙනවා. අපිට තියෙන්නේ පුලුවන් ඉක්මනට එය කරලා දීලා මුදල් වගේම oDesk හි වැඩි ලකුනු ප්‍රමානයක් ලබා කැපීපෙනෙන කොන්ත්‍රත්කරුවෙකු වීමයි. එතකොට ඉතින් e-money සිහිනයක්ම නොවේ.

The On Demand Global Workforce - oDesk
 
ජොබ් එකකට ඉල්ලුම් කරන ආකාරය

අවශ්‍ය දේවල්:
තරමක් දුරට හොද ඉංග්‍රීසි දැනුමක් පමනයි

පියවර 1

http://www.odesk.com/jobs/?g=&clear_button=1 වෙත පිවිසෙන්න. ඔබේ දක්ශතා අනුව keyword එකක් ඇතුලත් කර Search කරන්න.
උදාහරන:
Word, Excel, Access, PowerPoint, HTML, Flash, Programming, Graphic Design

පියවර 2

මම Graphic Design කියලා Search කරනවා, මට ආපු රිසල්ට් එකේ එක බලන්න. 

oDesk හි ‍රැකියා ලබාදෙන ක්‍රම දෙකක් තියෙනවා.
  1. වැඩ කරන පැය ගණනට ගෙවීම. (ලානිල් පැහැයෙන් සලකුනු කර ඇත)
  2. සම්පූර්ණ කොන්ත්‍රාත්තුව සදහාම මුදලක් ගෙවීම. (රතු පැහැයෙන් සලකුනු කර ඇත)
කොහොමහරි කමක් නෑ අපේ අතට සල්ලි ලැබෙනවානම්.
මෙහෙම දෙයක් තියෙනවා. oDesk මගින් කරන්නේ කොන්ත්‍රාත්කරුවා සහ සේවකයා සම්බන්ද කිරීමක් පමනයි. මුදල් ගෙවීම් පිලිබද අපට කොන්ත්‍රාත්කරුවාව විස්වාස කරන්න වෙනවා. කොහොමත් කවුරුත් හොර බොරු කරන්නේ නෑ. ගානක් පොරොන්දු වුනොත් ඒක අනිවාර්යෙන් ගෙවනවා.

ඊට පස්සේ එන Search රිසල්ට් එක හොදට කියවලා , ඔබට අනිවාර්යෙන් නිම කිරීමට හැකි, කොන්ත්‍රාත්කරුවා කිරීමට කියලා තියෙන දේ හොදට තේරෙන ජොබ් එක ‍තෝරලා ඒක අයිනේ ඇති Apply බොත්තම ඔබන්න.

පියවර3
  • ඔබ තොරා ගත්තේ වැඩ කරන පැය ගණනට ගෙවීම ගෙවීම් කරන ‍රැකියාවක්නම් මෙහෙම පේජයක් ලැබේවි. එය රූපයේ පෙනෙන පරිදි පුරවන්න.

    මිලගනන් දාන්නේ මෙහෙමයි:
*Word, Excel, Access, PowerPoint, Data Entry සදහා $3.6 හෝ $4.5
*Programming, Graphic Design, Flash සදහා $10.8 හෝ $13.5
  • ඔබ තොරා ගත්තේ සම්පූර්ණ කොන්ත්‍රාත්තුව සදහාම මුදල ගෙවීම් කරන ‍රැකියාවක්නම් , එයද මෙලෙසපුරවන්න
    මිලගනන් දාන්නේ මෙහෙමයි:
    seach රිසල්ට් එකෙහි (රතු පැහැයෙන් සලකුනු කර ඇත) ඔහු අපට ගෙවන මුදල සදහන්ය. ඔබ මේ සදහන් මුදලෙන් 75% ක මුදලක් ඉල්ලුම් කරන්න. මේ ජොබ් එකේනම් සදහන් මුදලෙන් 75%ක් කියනුයේ $7.5කි.
  • Cover Letter: යන්න ඔබ අනිවාර්යෙන් පිරවිය යුතුයි. මෙන්න මෙතනින් තමා කොන්ත්‍රාත්කරුවාගේ හිත දිනාගන්න ඕනේ. ඔබේ ඉංග්‍රීසි දැනුම ඕනේ වෙන්නේ මෙන්න මෙතනදී තමා
උදාහරන 1

Sir/madam,
Over the last 12 years in my experience, I have developed many different types of 3D animations and digital compositions for commercial spots, institutional purposes, campaings, etc. My work is to become real the people ideas, for that reason, every single project is for me a challenge. I also have some experience in Video Edition, Graphics designs, Image arts and Phomontage. My reel at: http://www.youtube.com/watch?v=QHoeSIPGNIo
Thank You!

උදාහරන 2

Sir/madam,
I take pride in my work and I am not satisfied until my customers are satisfied. I believe communication is the key to a successful working relationship. I am an experienced front end developer with html, xhtml, css, javascript, ajax, photoshop, jquery. I have been a full time corporate employee, a contractor, and a self employed web designer. I am currently learning kohana php framework!
Thank You!

ඔබ මේවා භාවිතාකරන්න එපා. මම මේක ලබාගත්තේ සුද්දෙකුගේ එකවුන්ට් එකකින්, ඔබට නොහැකිනම් ඉංග්‍රීසි හොදට දන්නා කෙනෙකුගෙන් අසා දැනගෙන හෝ සිත් ඇදගන්නා සුලු ලිපියක් එකතුකරන්න.
  • ඔබ Word, Excel, Access, PowerPoint සදහා අයදුම් කරන්නේ නම් Attachment: යන තැනට අනිවාර්යෙන් ඔබේ දක්ශතාව මනාව පිලිබිබු වන පරිදි සාම්පල් එකක් අමුණන්න.
  • හැමදේම සිත් ඇදගන්නා සුලු විදියට කරන්න. ඊට පස්සේ Apply to this Job යන්න ඔබන්න. දැන් වැඩේ සම්පුර්ණයි. මේ විදියට ඔබට ජොබ් 10ක් දක්වා ඉල්ලුම් කරන්න පුලුවන්.
  • මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවානම් කොමෙන්ට් එකක් දාන්න.
You might also like:

9 comments:

  1. salli hoyanawa nam hodama vidiya
    http://www.microworkhub.com/1039

    ReplyDelete
  2. your one click $10 best Ptc site of the world
    www.fineptc.com/index.php?ref=aranayaka_chamin

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. Discover how 1,000's of individuals like YOU are working for a LIVING online and are living their dreams right NOW.
    GET FREE ACCESS NOW

    ReplyDelete
  6. Email කියවීම මගින් මුදල් උපයන්න.
    එක mail එකකට 0.02$ ගෙවනවා.
    referral bones , free offer වගෙ ක්‍රම වලින් මෙමගින් මුදල් උපයන්න පුලුවන්.
    Sing up bones එක 5$ දෙනවා.
    Referral add කරගන්න පුලුවන් එක referral කෙනෙක් add ක්ලොත් 3$ ගන්න පුලුවන්.
    කැමති නම් පහත link එක click / touch කරන්න.
    http://www.cash4offers.com/?ref=921021

    Phone එකෙන් වුනත් mail read කරන්න පුලුවන් mail එක mail account එකට එනවා.....
    Minimum payout එක 35$ paypal account එකට මුදල් දාන්න පුලුවන්. .

    ReplyDelete
  7. https://golden-farm.biz/?r=61439

    Earn rubles

    ReplyDelete